Saturday, July 23, 2011

.

ශ්‍රී ලංකාවට සහය දිවීම් ලෝකඩ පදක්කම් දෙකක් විතරයි

බ්‍රසීලයේ පැවත්වෙන පස්වන ජගත් ආරක්ෂක ක්‍රීඩා උළෙල සදහා සහබාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත තරග ඉසව් අද නිමාවට පත් වූයේ ලෝකඩ පදක්කම් දෙකක් පමණක් උරුම කරමින් ය.ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසානයට සහභාගි වූ ඉසව්ව වූ පිරිමි මීටර් 4×100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ දැම්මේය. ෂෙහාන් අඹේපිටිය,ගිහාන් චාමර,රනිල් ජයවර්ධන සහ සෆ්රාන් සෆීර් එම ඉසව්ව තත්පර 40.02 කින් තරගය අවසන් කරමින් ඒ සදහා දායක විය.


ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි චමින්ද විජේකෝන් මීටර් 1500 ඉසව්වේ දී හත්වන ස්ථානයට පත්විය.ඔහු ට එම ඉසව්ව නිම කිරීමට විනාඩි 3:47.33 ක් ගත විය.ආසියානු සූරතාවලියේ දී අසනීප තත්ත්වයෙන් පසු වූ විජේකෝන් එම අසනීප තත්ත්වය මත සිටිමින් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් අතර මෙහිදී එම කාලයද වාර්තා කිරීමට අසමත් වීම කණගාටුදායක තත්ත්වයකි.


චන්ද්‍රිකා සුභාෂණී සහ සුජානි බුද්ධිකා තම පෞද්ගලික ඉසව් අමතක කරමින් මීටර් 4×100 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමට උත්සාහ කළ ද එය ද ව්‍යර්ථ විය.එහි දී නව තරග වාර්තාවක් පිහිටුවමින් බ්‍රසීලය ජයගත් අතර (තත්පර 43.73) ශ්‍රී ලංකාවට අත් වූයේ පස්වන තැනය.එන්සීඩී ප්‍රියදර්ශණී,අචලා ඩයස්,සුජානි බුද්ධිකා සහ චන්ද්‍රිකා සුභාෂණී එම ස්ථානය ලබා ගැනීම සදහා වාර්තා කළ කාලය තත්පර 45.58 ක් විය.


හෙට උළෙලේ සමාප්ත සමාචාර දිනය වන අතර මේ වන විට පදක්කම් සංඛ්‍යාව බෙදී ගොස් ඇති ආකාරය පහත සබැදියාවෙන් දැන ගැනීමට හැකිය.
http://www.rio2011.mil.br/results/ENG/ZZ/ZZM195A_@@@@@@@@@@@@@@@@@ENG.htm


Sat, Jul 23, 2011 at 9:53 PM